1935- 1990 ඉතිහාසය
මුල්ගිරිගල ඉතා පැරණි ගමකි.ඓතිහාසික මුල්ගිරිගල රජමහා විහාරය මුල්කරගෙන මේ නම තබා ඇත.මෙහි 1935 දක්වාම පාසල හැර වෙනත් අධ්‍යාපන ආයතනයක් නොවීය.මුල්ගිරිගල දරැවන් පාසල් අධ්‍යාපනයලබා ගැනීම සදහා කහවත්ත වෙස්ලියන් මෙතෝදියස් පාසලට හෝ බෙලිගල්ල රජයේ පාසලට යා යුතු විය.
මේ දුෂ්කරතාවය නිසා මුල්ගිරිගල පාසලක් පිහිටුවීම සදහා මූලික වුයේ මුල්ගිරිගල පාලංකඩ පදිංචිව සිටි පී.ජී.දොන් අන්දිරිස් මුදලාලි මහතාය.ගම්වාසීන්ගේද ආධාර ලබාගත් ඔහු තමා සතු ඉඩම් කොටසක අර්ධ ස්ථිර ගොඩනැගිල්ලක් තැනවීය.ඒ පිළිබද රජයෙන් ලබා දුන් සියලු උදව් එදා විධායක මන්ත්‍රණ සභාවේ හම්බන්තොට මන්ත්‍රීවරයා වු නීතිඥ ජී.එස්.එස්.වික්‍රමනායක මන්ත්‍රිතුමා විසින් ලබා දෙන ලදී.
ක්‍රි.ව. 1935 ජනවාරි 01දා ආරම්භ කල මුල්ගිරිගල පාසලේ ප්‍රථම ප්‍රධානාචාර්ය වරයා වු කේ.එම්.කේ.සුරවීර මහතාගේ ප්‍රථම ආචාර්ය මණ්ඩලය ඒ.වී.පී. අමරසේන,ඩී.එම්.ලියනාරච්චි,ජී.එම්. හැරියට් යන මහත්ම මහත්මීන් ගෙන් යුක්ත විය.සුරවීර මහතාගෙන් පසු ප්‍රධානාචාර්ය තනතුර දැරූ මහත්වරුන් මෙසේය.එල්. ගුණරත්න ,එස්. ලියනපටබැදි,කේ.ඩී.වර්ණවීර,අයි.එම්.ඉලුප්පිටියමහත්වරුන් සහ වත්මන් විදුහල්පති ගරු තලාවේ මණිරතන ස්වාමීන් වහන්සේ වෙති.
1974 දක්වා 10 වන ශේණිය තෙක් පමණක් පංති පැවැත් වු මෙම පාසල,එවකට ශිෂ්‍ය සංඛ්‍යාව 400ක් පමන වු අතර ගුරු මන්ඩලය 12 දෙනෙකු විය.එවකට විදුහල්පතිව සිටි ඉලුප්පිටිය මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද , දෙමාපියන්ගේද අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිථලයක් වශයෙනි.මුල්ගිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ධිවර ඇමති ගරු ජෝජ් රාජපක්ෂ මැතිත්‍රමාගේ අනුග්‍රහය ලැබ මෙම විදුහල1974 මාර්තු මස 22 දා මහා විද්‍යාල තත්වයට උසස් කරන ලදී.මෙම කර්යයෙහි ලා එවකට තංගල්ල අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි එන්. එල්. කරුණාරත්න මැතිතුමාගේ නොමසුරු සහයෝගයද ලැබිණි.
ඉන්පසු උසස් පෙඵ පංති ඇරඹු මුල්ගිරිගල මහා විද්‍යාලය ,මන්ත්‍රීතුමාගේ ,අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, ගුරු භවතුන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ අවට ප්‍රභුවරුන්ගේ අවධානය සහ ආදරය ලැබ ප්‍රගතිය කරා යොමුවන්නට විය.1975/76 වර්ෂවල සමස්ත ලංකා වගා තරගයෙන් දිස්ත්‍රික්කයේ පාසල් 210ක් වඅතර තරග කර ප්‍රථමස්ථානය දිනා ගැනීමට හැකි වු අතර සිංහල භාෂා තරග, ඉංග්‍රීසි භාෂා තරග වැනි බොහෝ තරගාවලි ජයග්‍රහණය කර ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1935 ජනවාරි 02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
01 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.එම්.කේ.සුරවීර මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
කේ.එම්.කේ.සුරවීර මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මුල්ගිරිගල මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
කේ.එම්.කේ.සුරවීර මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1940 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
වර්තමානයේ පාසල පවතින ස්ථානය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
මාර්ටින් අප්පුහාමි මහතා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1935 ජනවාරි 02 |





