- මුල්ගිරිගල ඉතා පැරණි ගමකි.ඓතිහාසික මුල්ගිරිගල රජමහා විහාරය මුල්කරගෙන මේ නම තබා ඇත.මෙහි 1935 දක්වාම පාසල හැර වෙනත් අධ්‍යාපන ආයතනයක් නොවීය.මුල්ගිරිගල දරැවන් පාසල් අධ්‍යාපනයලබා ගැනීම සදහා කහවත්ත වෙස්ලියන් මෙතෝදියස් පාසලට හෝ බෙලිගල්ල රජයේ පාසලට යා යුතු විය.
- මේ දුෂ්කරතාවය නිසා මුල්ගිරිගල පාසලක් පිහිටුවීම සදහා මූලික වුයේ මුල්ගිරිගල පාලංකඩ පදිංචිව සිටි පී.ජී.දොන් අන්දිරිස් මුදලාලි මහතාය.ගම්වාසීන්ගේද ආධාර ලබාගත් ඔහු තමා සතු ඉඩම් කොටසක අර්ධ ස්ථිර ගොඩනැගිල්ලක් තැනවීය.ඒ පිළිබද රජයෙන් ලබා දුන් සියලු උදව් එදා විධායක මන්ත්‍රණ සභාවේ හම්බන්තොට මන්ත්‍රීවරයා වු නීතිඥ ජී.එස්.එස්.වික්‍රමනායක මන්ත්‍රිතුමා විසින් ලබා දෙන ලදී.





